මෙය Dialog Axiata PLC විසින් සංවිධානය කරන ජාතික මට්ටමේ ඩිජිටල් නවෝත්පාදන තරඟයකි. ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, ව්‍යාපාර සහ ප්‍රජාවන් මුහුණ දෙන අභියෝග වලට එරෙහි නව ඩිජිටල් විසඳුම් සොයා යෑම එහි අරමුණයි.
ශ්‍රී ලංකාව සඳහා නව්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමට කැමති වයස අවුරුදු 16ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම තරගය විවෘ ත වේ. සහභාගිවන්නන්ට විවිධ ක්ෂේත්‍ර වලට අදාල මූලාකෘති, MVPs (අවම ශක්‍ය නිෂ්පාදන) හෝ සම්පූර්ණයෙන් දියුණු කළ විසඳුම් ඉදිරිපත් කළ හැක.
ඔබට කණ්ඩායමක් ලෙස (උපරිම සාමාජිකයින් 5 දෙනෙකු දක්වා ) හෝ තනි අයදුම්කරුවෙකු ලෙස Dialog Innovation Challenge වෙත ඔබේ මූලාකෘතිය ඉදිරිපත් කළ හැකිය.
ඔව්! අපි සහභාගිවන්නන්ට ඔවුන්ගේ අදහස සමඟ ලියාපදිංචි වීමට දිරිගන්වන්නෙමු. මෙමගින් අපට ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ඵලදායි මූලාකෘතිය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට ඉඩ සැලසේ.
නමුත් ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට නම් දෙසැම්බර් 31ට පෙරමුලා කෘතියක් ඉදිරිපත් කළ යුතු වේ.
Dialog Innovation Challenge මාස 10ක් පුරාවට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම දීර්ඝ වැඩසටහන් කාලසීමාව සැලසුම් කර ඇත්තේ මුල් සංකල්පීය අවධිවල සිට සම්පූර්ණ ප්‍රායෝගික විසඳුම් දක්වා සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් කාලයක් සහ පුළුල් සහයෝගයක් ලබා දීම සඳහා ය.
Dialog Innovation Challenge තේරීම් වට තුනකින් සමන්විත වේ:
i මූලික තේරීම් වටය :කඩයිම් ලකුණු සීමාව පසුකර ඇති හොඳම ඩිජිටල් විසඳුම් 25 තෝරා ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නෙමු.
ii අර්ධ අවසන් වටය: අවසන් අදියර වෙත යාමට හොඳම කණ්ඩායම් දහයක් තෝරා ගැනීම සිදුවේ.
iii. අවසන් මහා තරගය: ජයග්‍රාහිකයින් තෝරා ගැනීම ඔවුන්ගේ විසඳුම් වල විශිෂ්ටත්වය මත සිදුවේ. ඔවුන්ට වටිනා ත්‍යාග පිරිනමනු ලැබේ.
විසඳුම්වල නව්‍යභාවය, අදාළත්වය, ශක්‍යතාව මත පදනම්ව කර්මාන්ත විශේෂඥයින් සහ විද්වත් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කිරීම් ඇගයීමට ලක් කෙරේ.
Dialog Innovation Challenge සියලුම ක්ෂේත්‍ර වලට අදාල විසඳුම් සඳහා විවෘත වේ. බලශක්ති, ප්‍රවාහන සහ සැපයුම්, ආහාර සහ කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, ආරක්ෂාව, ක්‍රීඩා ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක් ඔබට තෝරාගත හැක.
ඔව්, ඔබට ඔබේ විසඳුම් සංවර්ධනය කිරීමට තෙවන පාර්ශවීය යෙදවුම් හෝ තාක්ෂණයන් භාවිතා කළ හැක. කෙසේ වෙතත්, ඔබ අදාළ බුද්ධිමය දේපල අයිතිවාසිකම් සහ බලපත්‍ර ගිවිසුම් වලට ගිවිසුම්වලට අනුකූලව විසඳුම් ඉදිරිපත් කළ යුතු වේ.
Dialog Innovation Challenge ඉදිරිපත් කිරීමෙන් පසුව පවා ඔබ ඔබේ නවෝත්පාදනයේ පූර්ණ හිමිකාරිත්වය ඔබ සතු වේ ද?
වෙබ් අඩවියේ ඇති ඕනෑම “Apply Now” බොත්තම ක්ලික් කර, අයදුම්පත්‍රය වෙත පිවිස අයදුම්කර හැකිය.
© Dialog Axiata PLC. All rights reserved