අභියෝග

අපගේ අරමුණ ශ්‍රී ලාංකික ජන ජීවිතය, සාමාජීය සහ ව්‍යාපාර ක්ෂේත්‍ර ඩිජිටල් තාක්ෂණය මගින් නව්‍ය කරණයට ලක් කිරීම සඳහා ඔබගේ හැකියාවන් සහ කුසලතාවයන් යොදා ගැනීමට අවස්ථාවක් සලසා දීමයි.

පහත සඳහන් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් සපුරාලීමේ හැකියාව ඔබේ විසඳුම සතු විය යුතුය:

යම් ප්‍රජාවක් හෝ කර්මාන්තයක් මුහුණ පාන ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබාදීම

වෙළඳපොළ තුළ වෙනසක් ඇති කළ හැකි අන්දමේ විශිෂ්ට නිෂ්පාදනයක් හෝ සේවාවක් වීම

පවතින ක්‍රියාකාරකමක හෝ ක්‍රියාවලියක කාර්යසාධනය හෝ හැකියාවන් වැඩිදියුණු කිරිම

ඔබේ අදහස් සහ විසඳුම්තිරසාර හා වාණිජ ශක්‍යතාවයක් සහිතව, දැරිය හැකි මිලකට දේශීය වෙළඳපොළට ඉදිරිපත්ප කළ හැකි අයුරින් නිර්මාණය කිරීම්ට අපි ඔබව දිරිමත් කරන්නෙමු 

විසඳුම් ඉදිරිපත් කළ හැකි ප්‍රදේශ

පහත දැක්වෙන කර්මාන්ත කාණ්ඩ යටතේ ඔබගේ නිර්මාණශීලි විසදුම් යොමුකිරීමට අපි ඔබව දිරිමත් කරන්නෙමු. එමෙන්ම පහත සඳහන් කාණ්ඩවලට පරිභාහිරව ඉදිරිපත් කරන සංකල්පයං සඳහාද අප ඔබට අවස්ථාව සලසා දී තිබේ.

නිෂ්පාදන

තිරසාර භාවිතයන් ශක්තිමත් කරමින් නිෂ්පාදන ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණය සහ නිෂ්පාදන සංවර්ධනය දිරි ගැන්වීම

සෞඛ්‍ය

අපගේ සෞඛ්‍ය සේවා කටයුතු පහසු කිරීම, රෝගී සත්කාර වැඩි දියුණු කිරීම සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම

මූල්‍ය

නව්‍ය මූල්‍ය විසඳුම් යොදා ගනිමින් මුල්‍ය තාක්ෂණයෙහි පෙරළියක් ඇති කිරීම, බැංකු සේවාවන් සැපයීමේ විප්ලවීය වෙනසක් සිදු කිරීම, සහ පුද්ගලයන් සහ ව්‍යාපාර සවිබල ගැන්වීම.

ආහාර සහ කෘෂිකර්මය

නව කෘෂිකාර්මික පිළිවෙත් හඳුන්වා දීම, ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහ තිරසාර ගොවිතැන් සහ ආහාර සැපයුම් දාම සඳහා දායක වීම.

බලශක්ති සහ උපයෝගිතා කළමනාකරණය

තිරසාර බලශක්ති විසඳුම් සංවර්ධනය කිරීම, සම්පත් පරිභෝජනය ප්‍රශස්ත කිරීම සහ කාර්යක්ෂම කළමනාකරණ භාවිතයන් දිරිමත් කිරීම.

අධ්‍යාපනය

නූතන ඉගෙනුම් අත්දැකීමක් සඳහා පෙරළියක් ඇති කිරීම, අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ දැනුම ව්‍යාප්ත කිරීම සඳහා නව්‍ය විසඳුම් ලබා දීම.

ප්‍රවාහන සහ සැපයුම්

ප්‍රවාහන පද්ධති විධිමත් කිරීම, සැපයුම් මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, මගීන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ තිරසාර විසඳුම් නිර්මාණය කිරීම.

සේවා කළමනාකරණය

සේවා සැපයීම වැඩිදියුණු කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදන හරහා සේවා- කර්මාන්ත විධිමත් කිරීම.

භාවිතා කළ හැකි තාක්ෂණයන්

ඩිජිටල් විසඳුම් සඳහා වන අපගේ මෙම ගවේෂණයෙදී අපි අයදුම්කරුවන් සාම්ප්‍රදායික මෘදුකාංග නවෝත්පාදනවලට පමණක් සීමා නොකරන්නෙමු. ඩිජිටල් සැකසුම් මූලික අංගයක් ලෙස යොදා ගනු ලබන ඕනෑම නවෝත්පාදනයක් ඔබට ඉදිරිපත් කළ හැකිය. පහත ලැයිස්තුගත කර ඇති ඩිජිටල් තාක්‍ෂණයන් හෝ ඔබට ගැළපේ යැයි සිතෙන වෙනත් තාක්‍ෂණයක් ඇතුලත් කිරීමට හැකියාවක් ඔබට ඇත. 

IoT (Internet of Things)

IoT යනු අන්තර්ජාලය හරහා දත්ත සන්නිවේදනය කරන සහ හුවමාරු කරන උපාංග සහ සේවාවන් ජාලයකි. එමඟින් බාධා රහිත සම්බන්ධතාවක් සඳහා මඟ පෑදීම සහ විවිධ උපාංග පාලනය කිරීම හරහා අපගේ ජීවිත වඩාත් පහසු සහ කාර්යක්ෂම කරයි.

AI/ML (Artificial Intelligence and Machine learning )

AI සහ ML යනු සාමාන්‍යයෙන් මිනිස් බුද්ධිය අවශ්‍ය වන කාර්යයන් යන්ත්‍ර හරහා ඉටු කරවා ගැනීමට හැකියාවෙන් සමන්විත තාක්ෂණයක් වේ.ඒවා හරහා ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීම, දත්ත විශ්ලේෂණය කිරීම සහ අනාවැකි පළ කිරීම, කාර්යක්ෂමතාව සහ තීරණ ගැනීම වැඩි දියුණු කිරීමටද සිදුවේ.

දුරස්ථ හෝ මාර්ගගත පරිගණක සේවා

මෙය විශාල හැකියාවන් ප්‍රමාණයක් ඇති ,අන්තර්ජාලය භාවිතා කරමින් දත්ත ආරක්ෂිතව ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම හා ගණනය කිරීම වැනි කාර්යන් සිදුකරන නව තාක්ෂණයකි. අනෙක් අතට, ‘එජ් කම්පියුටින්’හරහා දත්ත ප්‍රමාදයකින් තොරව නිත්‍ය කාලීනව සන්නිවේදනය කිරිම හා එම දත්තයන් පරිගණක වෙත යොමු කිරීම සිදුවේ.

රොබෝ තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්‍ෂණය

රොබෝ තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්‍ෂණයට සංකීර්ණ කාර්යයන් ස්වයංක්‍රීයව හෝ මනා පාලනය යටතේ සිදුකිරීමට හැකි බුද්ධිමත් යන්ත්‍ර ඇතුළත් වේ. ස්වයංක්‍රීයකරණය, නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමව කර්මාන්ත වෙත ලබා දීම සිදුවෙයි.

වීඩියෝ තොරතුරු විශ්ලේෂණ

වීඩියෝ විශ්ලේෂණ යනු වීඩියෝ දත්තවල අන්තර්ගතයන් සහ අර්ථවත් තොරතුරු උකහා ගැනීමේ ක්‍රියාවලියයි. එයට අර්ථ නිරූපණය කිරීම, ආරක්ෂක නිරීක්ෂණ, වස්තු හඳුනා ගැනීම සහ චර්යා විශ්ලේෂණය වැනි ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ.

‘Blockchain’

‘බ්ලොක්චේන්’ යනු ගනුදෙනු ආරක්ෂිතව වාර්තා කරන විමධ්‍යගත සහ පාරදෘශ්‍ය ඩිජිටල් ලෙජරයකි. එමගින් විශ්වාසවන්තව විනිවිදභාවයකින් යුතුව ආරක්ෂිතව ගනුදෙනු කිරීමට හැකියාව ලැබේ.සැපයුම් දාම කළමනාකරණය සහ විමධ්‍යගත පද්ධති වැනි යෙදුම් සඳහා ඉන් වටිනා සහයක් ලැබේ.

‘මෙටාවර්ස්’

‘මෙටාවර්ස්’ යන්නෙන් අදහස් කරන්නේ ඩිජිටල් සහ භෞතික ලෝකයන් එකතු කර නිර්මාණය කරන ලද ඩිඡිටල් විශ්වයකි. පරිශීලකයින්ට සැබෑ කාල පරාසයන් තුළ මෙහි සැරිසැරීමට හා විවිධ කාරියන් වල යෙදීමට අවකාශය උදාවේ.

AR/VR (Augmented Reality සහ Virtual Reality)

AR මඟින් අපගේ සැබෑ ලෝකයට ඩිජිටල් ලෝකය සම්බන්ධ කරයි. VR මඟින් පරිශීලකයන්ට ඩිජිටල් ලෝකයට පිවිසීමට පරිසරය නිර්මාණය කරයි. AR සහ VR යන දෙකම විනෝදාස්වාදය සඳහා සහ නව නිපැයුම් නිර්මාණය කිරීම සඳහා භාවිතා වේ.

Web 3.0

Web 3.0 නියෝජනය කරන්නේ විමධ්‍යගත, පරිශීලක කේන්ද්‍රීය සහ පුද්ගලිකත්වය කේන්ද්‍ර කරගත් තාක්ෂණයන් මගින් සංලක්ෂිත අන්තර්ජාලයේ පරිණාමයයි. පුද්ගලයන් සවිබල ගැන්වීම, ආරක්ෂිත ගනුදෙනු සබල කිරීම සහ වඩාත් පුද්ගලාරෝපිත අත්දැකීමක් නිර්මාණය කිරීම එහි අරමුණයි.

5G

5G යනු රැහැන් රහිත තාක්ෂණයේ මීළඟ මට්ටම වන අතර එමඟින් වැඩි වේගවත්බවක්, අඩු ප්‍රමාදයක් සහ වැඩි ධාරිතාවක් ලබා දෙයි. එය අනිකුත් අනෙකුත් තාක්ෂණයන් සවිබලගැන්වීම සඳහා යොදා ගත හැක

Previous slide
Next slide

අයදුම් කළ යුතු ආකාරය

ඔබේ අදහස් ඉදිරිපත් කිරිමට හැකි ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න

පියවර 01

අභියෝගය අවබෝධ කරගන්න

ඔබට ලබා දී ඇති අභියෝගය පිළිබඳව හොඳින් කියවා තේරුම් ගන්න. ඔබගේ විසඳුම තරඟයේ සියලු අවශ්‍යතා සපුරාලන බවට සහතික කර ගන්න.

පියවර 02

ලියාපදිංචිවීමේ පෝරමයට පිවිසෙන්න

ලියාපදිංචිවීමේ පෝරමයට පිවිසීමට ඕනෑම රෙජිස්ටර් නව බොත්තමක් ක්ලික් කරන්න.

පියවර 03

ඔබගේ විස්තර ඇතුලත් කරන්න

පෝරමයේ ඇති සියලුම ක්ෂේත්‍ර වීමෙන් පසුව කොන්දේසි පත්‍රය කියවා ඔබේ ලියාපදිංචි ඉදිරිපත් කරන්න